Skip to main content

ලිනක්ස් භාවිතාව ගැන ෆේස්බුක් කොමෙන්ට් එකක්

Note in 27th February 2017 : This is a comment to below discussion in OMG Linux group in facebook , since this was dying in my draft this long , I just had sudden feeling to publish this , Pros and Cons upto you, you can comment about below comment , :)

https://www.facebook.com/groups/omglinux/permalink/1088495551206823/

මුලින්ම ලංකාවේ ඇයි ලිනක්ස් හෝ එහෙමත් නැති නම් ඕපන් සෝර්ස් මෘදුකාංග වලට නබුරුතාවය අඩු කියල බලන්න පුළුවන් අපිට ආරම්බයක් විදියට . එකට කලින් අවුරුදු වල ලිනක්ස් වලට තිබුන යුසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය අඩු නිසා වෙන්න ඇති කියල හිතන්න පුළුවන්. ළමයෙක්ට පුරුදු කරන්නෙම පොඩි කාලේ ඉදලම වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ වැඩ කරන්න මිසක් මෙන්න මෙහෙම ඒවා තියෙනවා ඔයා ආස , ඔයාට වැඩ කරන්න පුළුවන් ලේසි එක ඔයාම තෝරාගන් කියන ඔප්ෂන් එක දෙන්න පුළුවන් උනා නම් ඒ දවස් වල මේ වෙද්දී ලංකාවේ සැහෙන්න වෙනසක් වෙලා තියේනං ඕනි. හැබැයි දැන් නම් ඒ තන්වය සෑහෙන්න වෙනස් ඉසුරු ලිනක්ස් නමින් උබන්ටු මත පදනම් වෙච්ච මෙහෙයුම් පද්දතියක් කරලා , ගුරුවරුන්ට ඒ සම්බන්ද දේවල් උගන්නල ඒ ගුරුවන් හරහා ළමයින්ට අලුත් දෙයක් යවන්න සැහෙන්න උත්සාහයක නිරත වෙනවා අධ්‍යාපන අමාත්‍යාශයේ , ICT යුනිට් එකේන සහ බොහොමක් පාසල් වලට ළමයි දැන් ලිනක්ස් භාවිතය සාමාන්‍ය එදිනෙදා ජීවිතේට අරන් ගිහින් . ඉතින් අපිට හිතන් පුළුවන් ඉදිරියේදී වෙනසක් දකින්න පුළුවන් පුළුවන් වෙයි කියල .
අනිත් පැත්තෙන් මුල් කාලේදී ලංකාවේ LKLUG එක වගේ ඒවත් එක්ක එකතු වෙලා හිටිය අයගේ මහන්සිය නිසා සැලකිය යුතු පිරිසක් ෆොස්/ ලිනක්ස් භාවිතය ගැන උනන්දු උනත් ගයාන් කිව වගේ Apple / Microsoft නිර්මාණය කරලම තියෙන්නේ එයාලගේ මෙයෙයුම් පද්දතිය විකුනන්න . අර කියමනක් තියෙනවනේ "හොද මාර්කටින් කරන එකෙක්ට පුළුවන් වෙන්න ඕනි ඇස්කිමෝ කෙනෙක්ටත් ෆ්‍රිජ් විකුනන්න" කියල . ඉතින් ඔවුන්ගේ මුලික පරමාර්ථය වෙන්නේ තමන්ගේ මෙහෙයුම් පද්දතිය විකුණන එක එකට ආදාල තර්ඩ් පාර්ටි සර්විසස් මිනිස්සු අස්සට යවල හරි .
මේ වගේ දේවල් වලට ඔවුන් ගොඩක් මෘදුකාංග සමාගම් වලට ගෙවන්න පුළුවන් අනිත් මෙහෙයුම් පද්දද්ති වලට සපෝර්ට් එක දෙන්න එපා කියල වගේ. මම දන්නේ නැහැ ඇඩෝබි ආයතනයට ගෙවනවද කියල ඒ ආයතන වලින් හැබැයි එක උදාහරණයක් ගුගල් එකෙන් මොසිල්ලා එකට අවුරුද්දට බර ගානක් ඉස්සර ගෙව්වා ෆයර්ෆොක්ස් වල ඩිෆෝල්ට් සර්ච් එන්ජින් එක විදියට ගුගල් තියන්න කියල . ඉතින් ඒ දේම අර මෙහෙයුම් පද්දති ආයතන එක්කත් වෙන්න පුළුවන් .

තව අපි වගේ රටවල් වලට හේතුවක් තමයි අන්තර්ජාලය නැති එක . සාමාන්යෙන් වින්ඩෝස් භාවිතා කරනා අපේ අය කරන්නේ මොකක්ද ? "අඩෝ මචන් මට වින්ඩෝස් 10 එක බුටබල් කරලා දියන්කෝ , ඒ එක්කම පොටෝෂොප් , විසුවල් ස්ටුඩියෝ, ඔටෝකැඩ් , ඔෆිස් අනන් මනං ටිකත් පෙන් එකට දාල දියන් "
ඔහොම නෙමේද සරලව කියන්නේ ? නැහැ කියනන් ඕනි නැහැ මමත් අවුරුදු කීපෙකට කලින් ඔහොම කියල තියෙනවා . මට අහන්න තියෙන්නේ අඩුම ගානේ ඔහොම කියන මනුස්සය දන්නවා තමා කරන්නේ හොරකන් කිරීමක් , අනිසි ලෙස භාවිතා කිරීමක් , තමාගේ සිස්ටම් එකට කිසිම ආරක්ෂාවක් වගකීමක් නැති සියයට අසුවක් දුරටවත් මැල්වෙයා බයින්ඩ් කරපු සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කිරීමක් වගේ දේවල ටිකක් කරන්නේ / කරගන්නේ කියල ? ,
සොෆ්ට්වෙයා පයිරසි අතින් ලංකාව මුදුනේ ඉදල දැන් දැන් ඔය ලිනක්ස් කාරයොයි ෆොස් කාරයෝයි උන්ගේ කටවල් වල මහන්සියි නිසා ටිකක් යටට බැහැල , එත් තවමත් අපේ එවුන් ෆොර්මැට් කරද්දී අර උදාන වාක්‍ය කියනවාම තමයි .
අමතක කරන්න එපා ඒ දේවල් නිසාම ඒ ගැන හිතලම ලංකාවට ගැලපෙන්න ඕනි මෘදුකාංග ස්ථාපිත කරලා අපිට ගැලපෙන්න හදපු මෙහෙයුම් පද්දති වර්ග අපිට කලින් ඉදලම තියෙනව . ලංකාවේ සහෙනන් වෙනසක් කරපු හන්තාන ලිනක්ස් වගේ ව්‍යාපෘති. ලංකාවේ ගොඩක් අය තමාගේ පරිගණක වල ලොකු වෙනසක් කර ගත්ත ඒ වගේ ව්‍යාපෘති වලින් . තව මෑතකදී අප්ඩේට් නොවුනත් ගොඩක් අය ලස්සන නිසාම ගෙන බලපු එකක් සිලෝන් ලිනක්ස් එක .
අන්තර්ජාලය නැති නිසා අපේ අයට එන ගැටලුව තමයි ලිනක්ස් අදාල මෙහෙයුම් පද්දතියක් දැන්මට එකට ඕනි මෘදුකාංග ස්තපිත කරගනන් එක. වින්ඩොව්ස් වල නම් අනිත් එකාගෙන් සෙටප් එක ඉල්ලගන්නවා සේව් කරගනන්ව . එත් ලිනක්ස් වල එකෙක් උබන්ටු , ෆෙඩෝරා , හරි වෙන එකක් දැන්මම ඒ ඒ එකේ පැකේජ් එක වෙනස්.ඉතින් පැකේජ් එකක් විදියට ඩවුන්ලෝඩ් කරත් වැඩක් නැහැ, ඊටත් කොහොමත් මෘදුකාංග ස්ථාපනය කරගන්නේ කමාන්ඩ් ලයින් එකෙන්නේ ඉක්මනට .
ලොකු හේතුවක් තමයි අන්තර්ජාලය නැති නිසා මෘදුකාංග ගන්න බැරි උන ( කලින් ) , දැන් නම් එහෙම නැහැනේ දැන් අපිට සාමාන්‍ය විදියට අන්තර්ජාලය මැජික් එකක් නොවෙන ගානට තියෙනවා ගොඩක් අයට .
මම ලංකාවේ පාසල් සහ වෙනත් ස්ථාන වල ෆොස්/ලිනක්ස් වැඩමුළු කරන්න ගියාම දකින දේ තමයි එයාල කොච්චර කැමති උනත් සේවා ස්ථානයෙන් , පාසලෙන් එයාලට තමන්ගේ අවශ්‍යතාවය තෝරාගන් නිදහස දීල නැති එක . ඒ ඇරෙන්න මේ වෙද්දී ගොඩක් පුළුවන් විදියට තමාට සුදුසු මෙහෙයුම් පද්දිය තොරගනන්ව ඉස්සර වගේ පාසලෙන් , සේවා ස්ථානයෙන් කියල දෙන මත්තෙම මැරෙනවට වඩා .
කම්පැනි වලින් නම් බොහෝ දුරට අර වගේ මුදල් ගෙවනමෙහෙයුම් පද්ධති එකක් ඉන්නේ එයාලගේ සිස්ටම එකේ අවුලක් ගියොත් ඉක්මනට මොකෙක්ට හරි බැනල හරි මෙහෙයුම් පද්දතිය ගත්ත තැනින් සර්විස් එක ගණන් පුළුවන් නිසා . ( කෙටියෙන්ම කන්සාල්ටින් නිසා ) . එත් දැන් නම් බොහොමයක් IT සමාගම් නම් ලිනක්ස් භාවිතයට පෙලබිලා තියෙන්නේ.

අනික ලිනක්ස් ලෝකේ පුරා පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ නම් අමුලික බොරු රචනාවක් . මිනිස්සු පාවිච්චි කරනවා එක තේරේවි කමියුනිටි එක ඇතුලට ආවම කොච්චර අය ලිනක්ස් මෙහෙයුම් පදද්ති පාවිච්චි කරනවද ලෝකේ පුරා කියල .



යසර් ෆ්‍රෙන්ඩ්ලි නැහැ , ඔක්කම කමාන්ඩ් ලයින් එකෙක්නෙ කරන්න තියෙන්නේ කියල කියන අයට කියන්න තියෙනෙන් , රට බයිලා ගහන්න එපා , නොදන්නා ඒවා කියවන්නත් එපා බුදු මස්සිනේ , දවසක් දෙකක් ලිනක්ස් ඩුවල් බුට් කරගෙන එකත් වින්ඩෝස්ම රන් කරලා මෙහෙයුම් පද්ධති දෙක සංසන්දනය කරන්න එපා කියල විතරයි .
===============================================================

Comments

Popular posts from this blog

Foxeprenuer at UCSC | Introduction to Firefox Student Ambassadors

Had privilege to attend another awesome event as Regional Ambassador Lead . "Foxepernuer 2016" organized by University of Colombo , School of Computing , UCSC Firefox Club - Sri Lanka . Introduction FSA Program - Sri Lanka  while I had chance to talk about Mozilla project , Firefox Student Ambassador program , contributions and benefits , had opportunity to meet great enthusiast people after the event.  And Future of developments & technologies , being a professional & maintain it Encouraging students bring innovative ideas happen , becoming entrepreneurs and really interesting topics we discussed by resource persons.   Shafraz Rahim and Malinda Prasad from Dialog Axiata IdeaMart , and Rashmika Nawaratne from 99X Techno logy has done those sessions in really interesting way !.  Rashmika Navaratne talk about maintain professionalism Shafraz Rahim on "Intern Entrepreneur" Malinda Prasad talk about "...

Contributing with Isuru Linux program

Lately Ministry of Education ICT Unit ,powered up their Project call Isuru Linux.Well it was project with long history but as far as I know this is the time came with public awareness , events,  workshops  etc. Thanks to Mr Saman I got this chance with work with them and it was a great experience for my community projects including advocating and learning about  FOSS .   * This post will be updated with more details පාසල් සිසුන්ගේ නිදහස් මාදුකාංග පිළිබඳව දැනුම වර්ධනය කිරීම සඳහා අවස්ථාව සැලසීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශයේ තොර... Posted by ISURU Linux ඉසුරු ලිනක්ස් on  Friday, January 29, 2016