Skip to main content

Posts

Showing posts from May, 2016

පොත් කියවීමයි මමයි

පොතක් කියවන්න. වැඩි වයසක් නැති උනාට ඒ දවස් වල ආසම වැඩේ තමයි පොතක් කියවන එක. ගෙදර පරිසරය කොහොමෙන් හැදුනද දන්නේ නැති උනත් පුංචිම කාලේ ඉදල පොත් වලට තිබ්බේ පුදුම ආසාවක් . මම හිතන්නේ මට ඒ පුරුද්ද හැදෙන්න ඇත්තේ අක්ක නිසා වෙන්න ඕනි .  අම්මගේ තාත්තගේ පඩි දවසට අක්කටයි මටයි පොත් දෙකක් අනිවාර්යයි පොඩිම දවස් වල ඉදල. ඒ නැතත් පොතක් කියවල ඉවර වෙද්දී තව පොතක් අරන් දෙනවා කොහොම හරි කියවන්න.  ඒ නිසාම අපේ අම්ම මාවත් එකක්ගෙන ගිහින් පුස්තකාලෙට සම්බන්ද කළා . අනේ මන්ද මොකක් උනත් මට පුස්තකාලයට නම් පුරුදු වෙන්නම අමාරු උනා. අවුරුද්දක් විතර පුස්තකාලයට ගියත් ආයේ ගෙනාපු පොතක් ගෙනියන්න තියෙන කම්මැලි කමටම දෙතුන් පාරක් දඩ වැදුනම තවත් හිතට අමාරුයි . ඇයි ඉතින් එක පැත්තකින් මන් වැරද්දක් කළා කියන හැගීමයි අනිත් පැත්තෙන් අතේ තියෙන රුපියල් දහයක් විතර නැති වෙනවනේ .. හත් වලාමේ...  කොහොමෙන් හරි ඔය පොත් කියවිල්ලේ රුදාව නිසාම කොහොමෙන් හරි 5 , 6 වසර වගේ ඉද්දි අම්ම ගෙනාව හෙන පතාර පොතක් කැමති නම් කියවන්න කියල. හෙන අසාවෙන් ගත්තට මොකද අතට මෙලෝ සංසාරයක් තේරෙන්නේ නැ එකේ තියෙන. බාසාව නිකම් පාලි වගේ . වගේ නෙමෙයි පාලි තමයි . ක