අම්මගේ තාත්තගේ පඩි දවසට අක්කටයි මටයි පොත් දෙකක් අනිවාර්යයි පොඩිම දවස් වල ඉදල. ඒ නැතත් පොතක් කියවල ඉවර වෙද්දී තව පොතක් අරන් දෙනවා කොහොම හරි කියවන්න.
ඒ නිසාම අපේ අම්ම මාවත් එකක්ගෙන ගිහින් පුස්තකාලෙට සම්බන්ද කළා . අනේ මන්ද මොකක් උනත් මට පුස්තකාලයට නම් පුරුදු වෙන්නම අමාරු උනා. අවුරුද්දක් විතර පුස්තකාලයට ගියත් ආයේ ගෙනාපු පොතක් ගෙනියන්න තියෙන කම්මැලි කමටම දෙතුන් පාරක් දඩ වැදුනම තවත් හිතට අමාරුයි . ඇයි ඉතින් එක පැත්තකින් මන් වැරද්දක් කළා කියන හැගීමයි අනිත් පැත්තෙන් අතේ තියෙන රුපියල් දහයක් විතර නැති වෙනවනේ .. හත් වලාමේ...
කොහොමෙන් හරි ඔය පොත් කියවිල්ලේ රුදාව නිසාම කොහොමෙන් හරි 5 , 6 වසර වගේ ඉද්දි අම්ම ගෙනාව හෙන පතාර පොතක් කැමති නම් කියවන්න කියල. හෙන අසාවෙන් ගත්තට මොකද අතට මෙලෝ සංසාරයක් තේරෙන්නේ නැ එකේ තියෙන. බාසාව නිකම් පාලි වගේ . වගේ නෙමෙයි පාලි තමයි . කියවිල්ලට තියෙන අමාරුවට වචන ටික හරි බොරුවට කියෙව්ව් මතකයි . හැබැයි ටිකක් හිතේ අමාරුවෙන් හිටියේ මට එකේ ගොඩක් දේවල් තේරුනේ අඩුවෙන් නිසා. හැබැයි අන්තිමට අන්තිමට වෙන්න සැහෙන්න දුරට ඒ ඒ වචන වල තේරුම හිතා ගන්න පුළුවන් තත්වෙට ආව . මට හරිම මතකයක් නැති උනත් මන් ඒ පන්සීය පනස් ජාතක පොත් වහන්සේ කියවල ඉවර කලාද කියල සියයට අසූවකට වඩා කොටසක් අමාරුවෙන් හරි බැලුව කියල මතකයි කාලයක් තිස්සේ හෙමින් හෙමින් .
හදිසියේ පොත් ගැන ලියන්න හිතුනේ වෙන මොකවත් නෙමේ ඊයේ දැක්ක කවුරු හරි ෆේස්බුක් එකේ කාගෙන්ද අහල තිබ්බ කැමති පොත මොකක්ද කියල. ඒ වෙලාවේ හිතුනේ නැති උනත් නිදා ගණන් ගියාට පස්සෙයි හිතුනේ මොකක්ද මන් කැමති පොත කියල . මගෙන් ඔහොම ප්‍රශ්නයක් අහපු වෙලාවට මන් සරලව දෙන උත්තරේ එහෙම එකක් කියල නෑ මන් මේ මේ පොත් වලට කැමති කැමති කියල ඒ වෙලාවට හිතට එන උත්තරයක් දෙන්නේ .
හැබැයි මට එක පාරම මතක් උනා මන් එකම එක පාරක් විතරක් කියවපු ආයේ කවදවත් බලන්න ලැබුනේ නැති කතාවක් , අක්කත් පාසලේ 13 වසරේ වගේ ඉද්දි මොකක් හරි තරගේගට හරි නිකමට හරි ලියපු කතාවක් , හාෆ් ෂිට් කොළ ගොඩක . කතාව මට හරියට මතක නැතත් ඒ දවස් වල යුද්දෙයි , පුනරුප්පත්තියයි , ආදරයකුයි අළලා ලියපු කතාවක් වගේ හිත අස්සෙන් මතකයි . ආයෙත් කියවන්න හෙන අසාවෙන් හිටියත් ඒ කතාව ගෙදර හොයා ගන්න තිබ්බේ නෑ ආයෙමත් .අදවත් ආයේ කෝල් එකක් දීල අහන්න ඕනි මොකක්ද ඔයි ඒ කතාවේ තිබ්බේ කෙටියෙන් හරි ආයෙමත් එක මන් හරි ලියාගෙන කියවන්න කියල . මොකද ඒ පොත තමයි මන් ආයෙත් කියවන්න හොයන එත් ආයේ කියවන්න ලැබෙන්නේ නැහැ කියල දන්න කතාව.
අක්කට නම් දැන් ලස්සන මොන්ටිසෝරි යන දූ පොඩිත්තක් ඉන්නවා. මේ පාර මන් ගෙදර ආව ගමන් අක්ක මල්ලි එනවකො අපේ බබාගේ වැඩ පෙන්නන්න කියල එක්කගෙ ගිහින් කෙල්ලගෙන් අහනවා පබජී කවුද ඔලිවර් ට්විස්ට් ලිවේ වගේ පොත් දෙක තුනක නම් කියද්දීම කෙල්ල උඩ පැනලම රචකයන්ගේ නම් කියනවා. කට පාඩමෙන් හරි එහෙම කියන්නදී ඇත්තටම ආසයි .
අන්තිමට ඇහුවේ පුතේ ජෙරල්ඩ් ඩරල් ලිව පොතක් කියන්න කිව ගමන් "කොඳුරන දේශය" කිව.
කොඳුරන දේශය? "මගේ පවුලයි අනිත් සත්තුයි" නම් දන්නවා. මොකක්ද කතාව අහන්න කලින් .
අක්කම කියනවා "මරු ඔයි ඒ කතාවත් අරක වගේම තමයි මන් කතාව කියන්නේ නෑ ඕනි නම් ඇවිත් අරගෙන් ගිහින් කියවනවා" . " එකේ අන්තිමටත් තව පොඩි කතාවක් තියෙනවා එයාල ලොකු වෙලා කලින් හිටිය දුපතට යන කතාවක් මාගෝට එහෙම දැන් ළමයිනුත් ඉන්නවා, නැවක් එනවා එයාල අරන් යන්න අබලන් වෙච්ච ග්‍රීක් නැවක් , දන්නවනේ හිනා යන විදියට ලියල තියෙන්නේ " .
ඔන්න තියෙන ආසාවට දැන් දවස් දෙක තුනකට කලින් ඒ දවසෙම ගිහින් උස්සගෙන ආව පොත . මෙන්න ඇද උඩ තවම . අසාවෙන් කියවන්න ගත්තට තවම ඕනි නම් මුල් පිටු 50 ආසන්නේට කියෙව්වේ.ආයේ ටිකකින් ලැප්ටොප් එක දිහා බලාගෙන එක්කෝ වැඩක් කරනවා.
ඉස්සර වගේ එක හුස්මට වටේ පිටේ ඉන්න අයවවත් ගණන් ගන්නේ නැතිව කතාව කියවල ඉවර කරනන් සැහෙන්න ආසයි . එත් තාක්ෂනය කොච්චර ඔලුවට කිදා බැහැලද කිවොත් ඒ දේ කරන්න හිතන්නත් කම්මැලි කම ඇගට වැදිලා .
පොඩි කාලේ ඉදල තරගෙට කියවල එකතු කරපු පොත් ටික තවම තියෙනවා අල්මාරියක් ඇතුලේ ඔබල යාළුවන්ට කියවල ගෙනත් දෙන්න කියල දුන්නු ඒවා ඇරෙන්න .ඒ වගේ දුන්න "උභය ජීව (The Amphibian) " පොත ආයෙත් මිලදී අරගෙන අම්මට දුන්නේ , අම්ම කාලෙක ඉදල "ඉක්තියන්දර්" ගේ පොත කියවන්න ගේ පුරා හොයන්න ගත්ත නිසා , ඒ වගේම ආයේ "වයිටා" පොතත් හොයනවා සිරිල් ගමගේ කතුවරයාගේ එකත් හොයාගන්න ඕනි.
ආයේ අරගෙන පොත් රාක්කයක්වත් හදල තියන්න ඕනි කියල හිතෙනවා .
ආයේ අරගෙන පොත් රාක්කයක්වත් හදල තියන්න ඕනි කියල හිතෙනවා .
අද නම් හිතා ගත්ත මන් ගැනම මම මේ කතාව ලියල ඉවර වෙලා කියවන්න ගන්නවා පොත ආයේ ඉවර කරනකම් ජංගම දුරකතනයවත් ඕන කරන්නේ නෑ කියල. බලමු ඉතින් නේද :D
අවුරුදු ගානක් හිතාගෙන හිටිය පොඩියට හරි මමත් අක්ක වගේම දවසක පොතක් ලියනවා කියල. තවම බැරි උනා. අඩුම ගානේ ලියන හැටි ඉගෙන ගන්න හිතන් හිටියා එකත් බැරි උනා.
දැන් හිතිලා තියෙන්නේ ආරම්බයක් විදියට හරි මන් ඉන්න ඉගෙන ගන්න ක්ෂේත්‍රය ගැන හරි පොඩියට ලියනවාමයි කියල.
මේක ලියවෙන්නම හිතුනේ කොච්චර පොත් වලට ආදරේ කලාද , තවම ආදරේ කරනවද අපි ඒ දවස් වල ඒ පොත් අතර දුවපු පැනපු , ජිවිතේ නැති උන චරිත වලට. වෙන එකක් තියල හීනෙන් දකින්නෙත් ඒ පොතක චරිත ඇතුලේ අපිත් ඉන්නවා කියල . එත් එන්න එන්න දැන් ඒ දේවල් ගිලිහිගෙන යනවා වගේ දැනෙනවා. මම පෞද්ගලිකව කියවලා තියෙන පොත් ප්‍රමාණය බොහොම අඩුයි. එත් ලොව පුරා ඒ කාලේ ඉදලම තවමත් පුරුද්දක් විදියට පොත් කියවන අය සහ ෆේස්බුක් එකේ පොත් කියවන අය වගේ ගෘප් වල ඉදල ඒ දාන පොත් , අනිත් අය ආසාවෙන් දාන පොත් වල විස්තර දැකල හරි හිතට එන ආසාව ලොකු දෙයක්.
Niyami
ReplyDeleteNiyami
ReplyDeleteකාලෙකින් ආයේ නිදහස් දෙයක් ලියන්න හිතුන :)
Deleteතෝ ලියපු එකම මදැයි. පොත් ගෙනිහිං දෙන්නැතුව පුස්තකාලෙන් දඩ කන එක නං තවමත් එහෙමමයි. මං ජීවිතේ කියවල මට ආස හිතුන පොත් හැම එකක්ම වගේ මගෙ පුස්තකාලයට එකතු කරගත්තා. තව දෙකක් තියෙනෝ. ඉක්මනට ගන්න ඕන.
ReplyDeleteහීනෙන් වගේ ඔයි ලියන්න හිතුනේ. මට එක නිකම් එක ලියන්නේ නැතිව අර පොත කියවන්නම බා හිතුන :D දඩ නම් එපා කතා කරන්න. එක ගෙවන්න නැති නම් නිකම් පොත අරන් වැඩක් නැති ගානටම වැටුන :v
Deleteඔව් අප්පා. පොත් කියවන්න දැං හිත හදාගන්න කාලය වෙන්කරගන්න අමාරුයි. මම නං රෑට පැයක් දෙකක් මොකක් හරි පොතක් බලන්න උත්සාහ කරනවා. ඒත් සමාර දවසට මහන්සියට නිකම්ම නින්ද යනවා. මම කියවපු පොත් වලින් මට හොදින්ම මතක හිටියේ ආරියවංශ රණවීර මහත්තයා පරිවර්තනය කරපු කොන්සතන්තින් පව්ස්තව්ස්කිගේ රන්රෝස.. විසි තිස් පාරක් කියවල ඇති ඒක.. ජය වේවා
ReplyDeleteඅද උනත් දැන් කොච්චර උත්සහ කරත් සැහෙන්න ටිකයි කියවෙන්නේ. හිටි ගමන වෙන මොකට හරි ලැප් එක දිහා බැලෙනවාම තමයි .
Deleteකියවලා නැහැ තවම රන්රෝස අරගනන ඕනි ලගදීම කියවන්න.
මට නම් කොච්චර වැඩ තිබ්බත් පොතක් හම්බ උනොත් එක නොකියවා කන්නවත් හිතෙන්නේ නෑ..e book නිසා වැඩේ තවත් ලේසි
ReplyDeleteහොඳ පුටා... විවේක සුවයෙන් ලියන්න පටන් අරන් වගේ...!! ජය වේවා...!!
ReplyDeleteපොත් ද..! අන්න දෙවෙනි අවුරුද්දෙත් දඩ කොලේ ඇවිල්ල ඇපේ ට අත්සන් කරපු මාමල දෙන්නට. :/ පුස්තකාල නං අරහං :/
අඩේ ඔය පොත තියාං මටත් ඕන,ඩිජිටල් කොපියක් හරි කමක් නෑ,මගෙ ලගත් පොත් බරගානක් තීනෝ,උබට උන එකමයි බං මටත් වෙලා තියෙන්නේ,ඉස්සර හාවක් හූවක් නැතුව පොත් කියවපු මම අද ලැපට ඇඩික්ට් වෙලා,ගිය මාසෙ ගත්ත පොත තවම පෙරලලවත් නෑ,දුකේ බෑ බං මේ ජීවිතේ ගැන :(
ReplyDeleteHii thanks for posting this
ReplyDelete